E   |     |  

2026 ජුනි මස 12 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
2 : දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හත්වැනි වාර්තාව.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව.
(ii)    (188 අධිකාරය වූ) පුරාවස්තු ආඥාපනතේ 46 වගන්තිය සමඟ කියවිය යුතු 47 වගන්තිය යටතේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 අප්‍රේල් 11 දින ඉදිරිපත් කරන ලද නියෝග.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපතිවරයා වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රවි කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. ගාමිණී රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.



පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා - පෙත්සම් තුනයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා - පෙත්සම් දෙකයි 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා - පෙත්සම් දෙකයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතා
වවුනියාව නගර සභාවේ පරිපාලන හා මූල්‍යමය අක්‍රමිකතා

ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 


(ii)    ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් යුක්තිය පසිඳලීමට සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම්


වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 ජුනි 10 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. 


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 75 සහ 76 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති
(ii)    පරිපූරක මුදල — ශීර්ෂය 240 —  වැඩසටහන 02



කල් තැබීමේ යෝජනාව

“2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2026 ජුනි මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks