E   |     |  

2026 මැයි මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් (ගැරන්ටි) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 සැප්තැම්බර් 22 දිනැති අංක 2455/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(ii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ නාගානන්ද ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ෆො බුඩිස්ට් ස්ටඩීස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 සැප්තැම්බර් 22 දිනැති අංක 2455/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. 
(iii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 ඔක්තෝබර් 13 දිනැති අංක 2458/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු චතුරංග අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. එම්. තාහිර් මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා
(vi)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)



පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු රවී කරුණානායක මහතා
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටළු

ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් සහ අනෙකුත් පුද්ගලයින්


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“අල්-හාෂිමි සංගමය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කබීර් හෂීම් මහතාට අවසර දෙන ලදී.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු 

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 12 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- 

(i)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්
(ii)    විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් නවයක්



කල් තැබීමේ යෝජනාව

“කඳුකර ජනතාවගේ ගැටළු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1742 ට 2026 මැයි මස 22 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks