බලන්න

E   |     |  

2026 මැයි මස 19 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
2 : “මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
3 : “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

A.    
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LII (52) හා  LIII (53) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXVII (37) හා   XXXVIII (38)  කොටස්

B.    
(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVIII (28) කොටස; 
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI (26) කොටස සහ හයවැනි කාණ්ඩයේ XXX (30) කොටස;  
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI (26) කොටස සහ හයවැනි කාණ්ඩයේ XXVI (26) කොටස; සහ 
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ I (1) කොටස

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ 2024 ජුනි 30 දිනට ලියාපදිංචි බදු ගෙවන්නන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු වූ හිඟ බදු, දඩ හා පොලී මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව.



ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2025 වර්ෂයේ තුන්වන සහ හතරවන කාර්තු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව.
(ii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම්.
(iii)    2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 5 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 පෙබරවාරි 24 දිනැති අංක 2477/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(iv)    2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 03 දිනැති            අංක 2478/05 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v)    සංශෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 මාර්තු 03 දිනැති අංක 2478/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(vi)    2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 03 දිනැති අංක 2478/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහා නගර සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(viii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාල‍ය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(ix)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(x)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව.
(xi)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(xii)    2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යොන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතේ 2 වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මස දී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xiii)    2023 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(xiv)    2023 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වාර්ෂික වාර්තාව.


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම

(i)    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ඉඩම් සංවර්ධන (සංශෝධන)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
(ii)    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "කෝදාගොඩ ගුණරතන නාහිමි පදනම (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම්  මහතා විසින් පිළිගන්වන ලදී.

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා                   

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රටේ ආර්ථික තත්ත්වය සහ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සඳහා විසඳුම්

ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු රවී කරුණානායක මහතා
අනාගත සයිබර් යුද්ධ සහ සංවිධානාත්මක සයිබර් අපරාධවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර

අමාත්‍යාංශ නිවේදන

‘සේවක අර්ථසාධක අරමුදල යටතේ එකවර මුදල් ආපසු ගැනීම මාසික විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමේ යෝජනාව’ සහ ‘රජයේ නිල සංචිත සම්බන්ධයෙන් මහ බැංකුවේ නව චක්‍රලේඛය’ සම්බන්ධයෙන් 2026.01.22 සහ 2026.02.18 යන දිනවල ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ

“එකතු කළ අගය මත බදු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1758 ට 2026 මැයි මස 20 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks