01

E   |     |  

2026 මැයි මස 7 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : වියට්නාම ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බැවින්, 2026 මැයි 8 වන සිකුරාදා දින ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව සහ ජාතික මහ ලේකම් කාර්යාලයේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් එහි සාමාජික, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා - පෙත්සම් දෙකයි 
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්. එම්. අබේවික්‍රම මහතා           
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිලදී ගැනීමේ සහ සැපයීමේ ක්‍රියාවලිය

ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
උතුරේ දෙමළ ජනතාවගේ නිදහස් නොකළ ඉඩම් අනිසි ලෙස භාවිතා කිරීම සහ ඒවා නැවත ලබා දීමට ගත් පියවර



අමාත්‍යාංශ නිවේදන

(i)    වඩ්ඩකච්චි කෘෂිකාර්මික පාසල සහ ගොවිපල ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් 2026.01.07 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය,  ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(ii)    රටේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් වූ අර්ථ දැක්වීම, සංඛ්‍යාලේඛන, ප්‍රතිපත්ති ආදිය සම්බන්ධයෙන් 2026.03.19 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය, ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“මාස් පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. ඒ. එම්. තාහිර් මහතාට අවසර දෙන ලදී.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:- 

(i)    ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග
(ii)    මෝටර් වාහන පනත යටතේ නියෝග
(iii)    ආගාමික හා විගාමික පනත යටතේ නියෝග 
(iv)    මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය -
ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 145; විරුද්ධව 06)
(v)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1816 ට 2026 මැයි මස 8 වැනි සිකුරාදා පැය 1135 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks