පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2026 අප්‍රේල් 28 දිනැති අංක 2486/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය.
(iii) 2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.03.04 සිට 2026.03.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(iv) 2023 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් හතරයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු කේ. කාදර් මස්තාන් මහතා
ජාතික පෙර පාසල් පද්ධතියක් සකස් කිරීම සඳහා පෙර පාසල් නියාමනය කිරීම
ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.
(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
2025/2026 මහ කන්නයේ වී නිෂ්පාදනයට ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම
අමාත්‍යාංශ නිවේදන
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය, ප්‍රතිව්‍යුහගත කිරීමේ ගමන් පථය සහ මූල්‍ය හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් 2026.02.20 දින ගරු රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී -
(i) විදුලිසංදේශ බදු (සංශෝධන) - 2011 අංක 21 දරන විදුලිසංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා
(ii) මුදල් (සංශෝධන) - 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා
(iii) 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම පිණිස වූ
“ජාතික පාරිසරික (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පරිසර අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
බේරා ගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1753 ට 2026 මැයි මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks