පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
2 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
3 : “දේශීය ආදායම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
4 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXI (31) හා XXXII (32) කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.
(ii) 2024 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(iii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(v) 2024 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(vi) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(vii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(viii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2026 මාර්තු 28 දිනැති අංක 2481/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය.
(ix) 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 24(4) වගන්තිය සහ 2025 අංක 3 දරන විසර්ජන පනතේ 5 වගන්තිය ප්‍රකාරව, 2025 ඔක්තෝබර් 03 දින සිට 2025 දෙසැම්බර් 31 දක්වා “වීරමොන් ක්‍රියාපටිපාටිය යටතේ සිදුකරන ලද ප්‍රතිපාදන මාරු කිරීම්” සම්බන්ධයෙන් වන තොරතුරු පිළිබඳ වාර්තාව.
(x) 2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.02.02 සිට 2026.02.27 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(xi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, ශ්‍රී ලංකාවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික කටයුතු පීඨයේ අධ්‍යයනාංශ පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 දෙසැම්බර් 03 දිනැති අංක 2465/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(xiii) 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 18, 24, 28 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු 44 වගන්තියේ (ඌ) සහ (ඒ) ඡේද යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජනවාරි 17 දිනැති අංක 2471/68 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(xiv) (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 21, 22, 23, 24 සහ 24අ වගන්ති සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජනවාරි 05 දිනැති අංක 2470/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(xv) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xvi) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xvii) 2024 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ඉන්ධන ආරක්ෂාව, බෙදාහැරීම සහ බදුකරණය ආදිය සම්බන්ධ ගැටළු.
ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
ජාතික සමාජ සංවර්ධන ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් සමඟ අනුබද්ධ කිරීමට ගත් පියවර
ගරු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) මුස්ලිම් ජාතික නිදහස් අරගල වීරයන් 07 දෙනෙකු ජාතික වීරයන් ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලීම සම්බන්ධයෙන් 2026.01.21 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර ක්‍රියාත්මක වූ බෝට්ටු සේවා පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2025.08.21 දින ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත – සංශෝධන සහිතව
(ii) ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(iii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගය
(iv) ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති
(v) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම
(vi) ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2018)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1806 ට 2026 අප්‍රේල් මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks