02

E   |     |  

2026 මාර්තු මස 19 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
3 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාව


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLV (45) සහ XLVI (46) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXX (30) කොටස.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 4ඊ වගන්තිය සමඟ කියවිය යුතු 3 වගන්තිය යටතේ සුදුසුකම් නිර්ණායක සහ බදු නිදහස් කිරීම් හෝ බදු දිරි ගැන්වීම් සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 පෙබරවාරි 08 දිනැති අංක 2474/66 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(ii)    2022 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව.
(iii)    2023 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තාව.



පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය - පෙත්සම් දෙකයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රටේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් වූ අර්ථ දැක්වීම, සංඛ්‍යාලේඛන, ප්‍රතිපත්ති ආදිය.

(ii)    ගරු රවී කරුණානායක මහතා
ගුවන්තොටුපළවල්, ගුවන් සේවා ආදිය පිළිබඳ විස්තර.

ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

“ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” සඳහා වන කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1756 ට 2026 මාර්තු මස 20 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks