පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXXVII (37), XXXVIII (38), XXXIX (39), XL (40) සහ XLI (41) කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ XXI (21), XXII (22), XXIII (23) සහ XXIV (24) කොටස්.
(ii) පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදු වූවා යැයි කියනු ලබන ලිංගික හිංසන පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා බාහිර පරීක්ෂණයක් පැවැත්වීමට 2025.07.25 දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව ගනු ලැබූ තීරණය ප්‍රකාරව, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් සිදු කරන ලද විමර්ශනයට අදාළව 2025.11.24 දින මා වෙත ඉදිරිපත් කරන ලද එකී අවසන් පරීක්ෂණ වාර්තාව 2026.02.19 දින පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේ තීරණය ප්‍රකාරව, මම සභාගත කරමි.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(ii) 2019/2020 සහ 2020/2021 වර්ෂ සඳහා ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා.
(iii) 2023 වර්ෂය සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.
(iv) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දේශගුණ අරමුදල (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ බලපෑම
ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු රවී කරුණානායක මහතා
ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ඉලක්කයට වඩා අඩුවෙන් උද්ධමනය පවත්වා ගැනීම, මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම සහ වගවීම පවත්වා ගැනීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1804 ට 2026 මාර්තු මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks