පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
කාරක සභා වාර්තා පිළිගැන්වීම
දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දහහත්වැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකා පොලිස් සේවය පිළිබඳ විස්තර සහ දේශීය හා ජාත්‍යන්තර අපරාධ ජාලයට එරෙහිව රජය ගත් පියවර
(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජනවර්ග පදනම මත ඉඩම් වෙන් කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල ජනගහනයට එහි බලපෑම
අමාත්‍යාංශ නිවේදන
ණය ගෙවීම ඇණහිටීමේ නීතිමය සහ මූල්‍යමය ප්‍රතිවිපාකය සහ 2022 දී ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 2025.11.11 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“උඩරට විවාහ සහ දික්කසාද (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) අධිකරණ සංවිධාන (සංශෝධන)
(ii) විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) – සංශෝධන සහිතව
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1744 ට 2026 පෙබරවාරි මස 20 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks