E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (සංශෝධන) පනත් කෙටුම්පත
• ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
• ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ නියමය
• ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සලකා බැලීම


පහත පනත් කෙටුම්පත්හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 5 සිට 14 දක්වා සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර ස්ථාවර කාරක සභාවලට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

• පුරාවස්තු සුරැකීමේ සංවිධානය (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
• සීමාසහිත ශ්‍රී විද්‍යාවාස සමාජසේවා සංගමය (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
• පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
• පහලගම ශ්‍රී සෝමරතන නාහිමි පදනම (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
• ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව
• ශ්‍රී ලංකා ව්‍යවහාරික සංඛ්‍යානවිද්‍යා ආයතනය (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව
• අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) - "ඒ" ස්ථාවර කාරක සභාව
• අතරගල්ල එක්සත් ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව
• සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව
• මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (කොළඹ ශාඛාව)(සංස්ථාගත කිරීමේ) - "බී" ස්ථාවර කාරක සභාව


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"රජය විසින් බඳවා ගත් උපාධිධාරීන්ට ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1911 ට 2011 මැයි මස 4 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks