පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව.
(ii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව.
(iii) 1996 අංක 27 සහ 2024 අංක 39 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් මඟින් සංශෝධිත 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17(10) වගන්තිය සමඟ කියවිය යුතු 71(1) වගන්තිය යටතේ විදුලි සංදේශ යටිතල පහසුකම් හවුල් භාවිතාව සම්බන්ධයෙන් එවකට තාක්ෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 අගෝස්තු 07 දිනැති අංක 2396/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(iv) 2023/2024 වර්ෂය සඳහා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව.
(v) 2023 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පළමුවැනි වාර්තාව, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති, ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
නීතිපති තනතුර පිළිබඳ ගැටළු
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගෙන් අත්පත් කරගත් රන් ආභරණ නැවත බාරදීමට ගෙන ඇති පියවර
අමාත්‍යාංශ නිවේදන
අවතැන් වූ පුද්ගලයින් සඳහා වූ සුභසාධන මධ්‍යස්ථානවල වාහන ගැටළු සම්බන්ධයෙන් 2025.09.09 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය, ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සංශෝධන සහිතව අනුමත කරන ලදී.
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2026 පෙබරවාරි මස 3 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks