01

E   |     |  

2026 ජනවාරි මස 22 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(iii)    2024 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය     

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
සේවක අර්ථසාධක අරමුදල යටතේ එකවර මුදල් ආපසු ගැනීම මාසික විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමේ යෝජනාව



අමාත්‍යාංශ නිවේදන

මුලතිව් රෝහලේ සිසුවෙකු මිය යාම සම්බන්ධයෙන් 2026.01.09 දින ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ ය. 


වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 නොවැම්බර් 13 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. 


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“යූඑන්වී පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඉම්රාන් මහරූෆ් මහතාට අවසර දෙන ලදී.


කල් තැබීමේ යෝජනාව

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1747 ට 2026 ජනවාරි මස 23 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks