01

E   |     |  

2026 ජනවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
2 : ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
3 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන
4 : තෛපොංගල් දිනය සැමරීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.
(iii)    2024 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා.
(vi)    2024 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව.
(vii)    2018 වර්ෂය සඳහා ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.
(viii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(ix)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු චම්පික හෙට්ටිආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.



පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සැපයුම් ටෙන්ඩර් පටිපාටිය අසාර්ථක වීම

ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු රවී කරුණානායක මහතා
සංචාරක පැමිණීම සහ ඒක පුද්ගල සංචාරක ඉපැයීම් අතර විසන්ධිය


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී -
(i)    පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ - ගෙහිමියෙකු විසින් පරිශ්‍රයක පදිංචි වී සිටින තැනැත්තන් නෙරපීම වැළැක්වීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.
(ii)    ගෙවල් කුලී (ඉවත් කිරීමේ) - 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා.

ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී -
(iii)    කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ - කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ගේ ව්‍යාපාර පවත්වාගෙනයාම නියාමනය කිරීම සහ පාලනය කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා ද, විධිවිධාන සැලැස්වීම පිණිස.
(iv)    නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා‍ ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන) - 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත සංශෝධනය කිරීම පිණිස ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. ජී. විජේරත්න මහතා


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1722 ට 2026 ජනවාරි මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks