පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන බලතල පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව” සම්බන්ධයෙන් තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනතේ 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 නොවැම්බර් 11 දිනැති අංක 2462/09 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සංචාරක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(iii) 2024 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(iv) 2021 සහ 2022 වර්ෂ සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා.
(v) 2023 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(vi) 2024 වර්ෂය සඳහා ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.
(vii) 2015 වර්ෂය සඳහා සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(viii) 2023 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(ix) 2024 වර්ෂය සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x) 2024 වර්ෂය සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) අනිල් ජයන්ත මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි මහත්මිය විසින් පිළිගන්වන ලදී.
(iii) ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු කන්දසාමි ප්‍රභු මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා - පෙත්සම් හතරයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු රවී කරුණානායක මහතා
එක්සත් රාජධානියේ රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට සංචාරක තහනම් සහ වත්කම් තහනම් කිරීම් පැනවීම
(ii) ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
මුලතිව් රෝහලේ සිසුවෙකු මිය යාම
අමාත්‍යාංශ නිවේදන
(i) යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2026.01.08 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව මත පනවා ඇති තීරුබදු හේතුවෙන් ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග සහ ස්වාධීන සේවක අර්ථසාධක අරමුදල් අධිකාරියක් පිහිටුවීම සම්බන්ධයෙන් 2025.08.21 සහ 2025.11.27 යන දිනවල ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 79 සහ 80 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ) පනත යටතේ නියෝගය
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2026 ජනවාරි මස 20 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks