පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
2 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
3 : “ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVI (46) කොටස; සහ
• 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIII (33) කොටස, තෙවැනි කාණ්ඩයේ XXII (22) කොටස සහ නවවැනි කාණ්ඩයේ XX (20) කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021/2022 වර්ෂය සඳහා සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව.
(ii) 2023 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව.
(iii) 2023 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ දහනවවන වාර්ෂික වාර්තාව.
(iv) 2023 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(v) 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 9 වගන්තිය යටතේ සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 දෙසැම්බර් 15 දිනැති අංක 2467/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය.
(vi) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2025 දෙසැම්බර් 28 දිනැති අංක 2468/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය.
(vii) 2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025.11.01 සිට 2025.11.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(viii) 2022 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(ix) 2019 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(x) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී අම්බිකා සාමිවෙල් මෙනෙවිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
විදුලි ගාස්තු වැඩි කිරීම
ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු රවී කරුණානායක මහතා
ඇමරිකා එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම පිළිබඳ ගැටළු
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග
(ii) ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත යටතේ නියෝග
(iii) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය
(iv) පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2026 ජනවාරි මස 7 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks