පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 දෙසැම්බර් 01 දිනැති අංක 2465/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ ව්‍යවස්ථාවේ (4)(අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව, 2026 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ගරු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ.
(iii) 2024 වර්ෂය සඳහා ජනාධිපති අරමුදලේ කාර්ය සාධන වාර්තාව.
(iv) 2024 වර්ෂය සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික මන්ත්‍රී ගරු හර්ෂණ රාජකරුණා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජගත් ගුණවර්ධන මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
විදේශ රැකියා සම්බන්ධයෙන් දකුණු කොරියානු රජය සමග ඇතිකර ගත් ද්විපාර්ශ්වික ගිවිසුමේ විස්තර
අමාත්‍යාංශ නිවේදන
(i) ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම් සහ වියදම් විස්තර සම්බන්ධයෙන් 2025.09.10 දින ගරු රවී කරුණානායක මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ප්‍රතිසංස්කරණ නීතිගත කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් 2025.09.24 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු චතුරංග අබේසිංහ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 ඔක්තෝබර් 24 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පරිපූරක මුදල — ශීර්ෂය 240 — වැඩසටහන 02 (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1807 ට 2026 ජනවාරි මස 6 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks