පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වීම සම්බන්ධයෙන්
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXI (31) හා XXXII (32) කොටස්, තෙවැනි කාණ්ඩයේ XXI (21) කොටස සහ නවවැනි කාණ්ඩයේ XVIII (18) හා XIX (19) කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ (NIBM) පරිපාලිත සමාගමක් ලෙස පැවති ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (NSBM) ඇපයෙන් සීමිත සමාගමක් ලෙස පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේ අවිධිමත්භාවය හා එහි බලපෑම සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වගන්තිය යටතේ එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදල කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 ඔක්තෝබර් 31 දිනැති අංක 2460/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(ii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2025 නොවැම්බර් 28 දිනැති අංක 2464/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය.
(iii) 2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025.10.01 සිට 2025.10.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(iv) 2023/2024 වර්ෂය සඳහා සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව.
(v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිී ධර්මප්‍රිය දිසානායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
දෙමළ මාධ්‍ය විෂය මාලාවෙන් ඉතිහාසය සහ කලා විෂයයන් ඉවත් කිරීම
ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.
පෞද්ගලික පැහැදිලි කිරීම්
ගරු රවී කරුණානායක මහතා
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඔහු පිළිබඳව කළ ප්‍රකාශය
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වූ
“විශ්වවිද්‍යාල (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පිළිගන්වන ලදී.
වරප්‍රසාද
(i) පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 නොවැම්බර් 18 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
(ii) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 නොවැම්බර් 21 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2026) - කාරක සභාව (දහනවවැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1908 ට 2025 දෙසැම්බර් මස 5 වැනි සිකුරාදා පැය 0900 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks