E   |     |  

සභාවේ කටයුතු


ගරු හුනෙයිස් ෆාරූක් මහතාට "අල් ජමියාතුල් හ්හව්සියා (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී.

(i) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු
(ii) බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන)
- සංශෝධන සහිතව
(iii) සුරාබදු (සංශෝධන)
(iv) විදුලි සංදේශ බදු
(v) දේශීය ආදායම් (සංශෝධන)
- සංශෝධන සහිතව
(vi) බදු අභියාචනා කොමිසම - සංශෝධන සහිතව


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1909 ට 2011 මාර්තු මස 25 වැනි සිකුරාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks