E   |     |  

සභාවේ කටයුතු


ගරු කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

සංගණන (සංශෝධන)

ගරු අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවට ගරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් (143 වන අධිකාරය වූ) සංගණන ආඥා පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලි‍මේන්තු විශේෂ කාරක සභාව

කාරක සභාවේ කාල සීමාව 2011 අගෝස්තු මස 31 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

"පොහොර විධිමත් කිරීමේ පනත" යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"සී ප්ලේන් යානා ගොඩබෑමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2011 මාර්තු මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks