E   |     |  

සභාවේ කටයුතු


ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාට "යූ. එල්. එම්. ෆාරුක් පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු මාලනී ෆොන්සේකා මහත්මියට "හෙළ උදාව ජාතික ව්‍යාපාරය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 16, 27 සහ 28 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් හතරක් (4)
(ii) මුදල් පනත යටතේ නියෝග තුනක් (3)
(iii) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නියෝග සහ නියමයක්
(iv) සුරාබදු ආඥාපනත යටතේ නියමයන් තුනක් (3)
(v) පරිසර සංරක්ෂණ බදු පනත යටතේ නියමය
(vi) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක් (3)
(vii) ශ්‍රී ලංකාවේ සැමට සෙත පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(viii) පින සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපිත කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජිව විජේසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1831 ට 2011 පෙබරවාරි මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks