E   |     |  

සභාවේ කටයුතු


හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු පී. චන්ද්‍රසේකරන් මහතා පා.ම. පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන)

ගරු කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යතුමා විසින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


ගරු කමලා රණතුංග මෙනෙවියට "හේදන් අධ්‍යාපන පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1700 ට 2011 පෙබරවාරි මස 23 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks