E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

මැතිවරණ (විශේෂ විධිවිධාන)

මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යම් තැනැත්තකු විසින් යම් අශක්නුතාවයකට පත් ඡන්දදායකයකුව කැටුව යාමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම පිණිස ද; (262 වන අධිකාරය වූ) පළාත් පාලන මැතිවරණ ආඥාපනත, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1981 අංක 7 දරන ජනමත විචාරණ පනත, 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනත සහ 1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ගරු සමාජ සේවා අමාත්‍යතුමා වෙනුවට ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට "මෛත්‍රීපාල සේනානායක පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්

සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1700 ට 2011 පෙබරවාරි මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks