E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ආහාර (සංශෝධන)

ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවට ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 1980 අංක 26 දරන ආහාර පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


ගරු විජයදාස රාජපක්ෂ මහතාට "මහමෙව්නාව සදහම් සේවාව (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතාට "ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ට නිදහස් අධ්‍යාපනයට ප්‍රවේශයක් ලබාදීම සඳහා වූ" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු තාරානාත් බස්නායක මහතාට "එස්. බී. නාවින්න පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2011 පෙබරවාරි මස 03 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 109 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 121 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 12 ක් ප්‍රකාශ විය.


කල් තැබීමේ යෝජනාව

"ගංවතුර තත්ත්වය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2030 ට 2011 පෙබරවාරි මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks