E   |     |  

සභාවේ කටයුතු


ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාට "2008 අංක 30 දරන දෙහිවල, නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ) පනත (සංශෝධන)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට "හඳගල වලගම්බා පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු තිලංග සුමතිපාල මහතාට "ශ්‍රී ලංකා විශ්ලේෂණ රසායනාගාර සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ කටයුතු

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.


පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 9 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී:-

(i) රෝහිත අබේගුණවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
(ii) රතු පියුම (ජාත්‍යන්තර) ශ්‍රී ලංකා සංවිධානය (සංස්ථාගත කිරීමේ)
(iii) තාරුණ්‍යයට හෙටක් සංවිධානය (සංස්ථාගත කිරීමේ)



කල් තැබීමේ යෝජනාව

"යාපනයේ වත්මන් තත්වය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 ජනවාරි මස 21 වැනි සිකුරාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks