E   |     |  

සභාවේ කටයුතු


ගරු මුත්තලි බාවා ෆාරුක් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරී‍‍මේ (සංශෝධන)

ගරු සමාජ සේවා අමාත්‍යතුමා වෙනුවට ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරී‍මේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට "කුඩාබුත්ගමුව ශ්‍රී පියදස්සනාරාම විහාරස්ථ කාර්ය සාධක සමිතිය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු මාලනී ෆොන්සේකා මහත්මියට "ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

ඉදිරිපත් කරනු ලදුව සම්මත කර කාරක සභා අවස්ථාව කල් දමන ලදී.


මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2010 දෙසැම්බර් මස 29 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 111 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 134 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 23 ක් ප්‍රකාශ විය.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1854 ට 2011 ජනවාරි මස 06 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks