E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම්පත (2011) - කාරක සභා අවස්ථාව 2011 විසර්ජන පනත් කෙටුම්පතේ දහසයවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය". 2011 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සංශෝධන සහිතව සභාව විසින් අද දින වැඩි ඡන්ද 116 කින් සම්මත කරන ලදී. වැඩි විස්තර සඳහා, 'අයවැය 2011' කොටස බලන්න. පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:- (i) විසර්ජන පනත යටතේ යෝජනාව (ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග පහත පනත් කෙටුම්පත් හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 11 සිට 13 දක්වා සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:- (i) පින සංවිධානය (සංස්ථාගත කිරී‍මේ) (ii) ශ්‍රී ලංකාවේ සැමට සෙත පදනම (සංස්ථාගත කිරී‍මේ) (iii) මහේෂ්වරී පදනම (සංස්ථාගත කිරී‍මේ) අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1821 ට 2011 ජනවාරි මස 04 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks