E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2011) - කාරක සභා අවස්ථාව

2011 විසර්ජන පනත් කෙටුම්පතේ අටවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


පහත පනත් කෙටුම්පත්හි (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 19 සිට 21 වශයෙන් සඳහන් වන) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i) තාරුණ්‍යයට හෙටක් සංවිධානය (සංස්ථාගත කිරීමේ)
(ii) රතු පියුම (ජාත්‍යන්තර) ශ්‍රී ලංකා සංවිධානය (සංස්ථාගත කිරීමේ)
(iii) රෝහිත අබේගුණවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් තනතුරුවලින් පහකිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2010 දෙසැම්බර් මස 02 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2011]

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks