E   |     |  

සභාවේ කටයුතු


උපදේශක කාරක සභා

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සභාව එකඟ විය;

මතු දැක්වෙන පරිදි උපදේශක කාරක සභා දහයක් (10) පත් කළ යුතු ය.
පිළිවෙළින්:-

1. පුද්ගලික ප්‍රවාහන සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
2. සුළු අපනයන භෝග ප්‍රවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
3. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
4. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
5. සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
6. ගොවිජන සේවා හා වනජීවී කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
7. මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
8. විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
9. ඵලදායීතා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
10. සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

අංක 109 දරන ස්ථාවර නියෝගය අනුව කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා එක් එක් උපදේශක කාරක සභාව පස් දෙනෙකුට (5) නොඅඩු සහ විසිපස් දෙනෙකුට (25) නොවැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.

එක් එක් උපදේශක කාරක සභාවක ගණපූරණය සඳහා මන්ත්‍රීන් තුන් දෙනෙකු (3) අවශ්‍ය විය යුතු ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2011) - කාරක සභා අවස්ථාව

2011 විසර්ජන පනත් කෙටුම්පතේ හත්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"පාසල් ශිෂ්‍යභට කණ්ඩායම්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1929 ට 2010 දෙසැම්බර් මස 01 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2011]

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks