E   |     |  

2025 ජුනි මස 18 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන)” සහ “සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
2 : දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කර ඇති සංවේදීකරණ වැඩසටහන


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(ii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ (HDFC බැංකුව) වාර්ෂික වාර්තාව.
(iv)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(v)    2023 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(vi)    2024 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. සරත් මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා             

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත යටතේ නියමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1536 ට 2025 ජුනි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks