E   |     |  

2025 ජුනි මස 05 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
2 : සභාගත කරන ලද ලේඛන සහ හැන්සාඩ් වාර්තා පිළිබඳව ගරු රවී කරුණානායක මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන්
3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii)    2023 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්ප කුමාර මහතා
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා  -  පෙත්සම් තුනයි 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු රවී කරුණානායක මහතා
පොල් කර්මාන්තයේ ගැටළු

ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
රාජ්‍ය මුදල් අනිසි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් රෝහල්වල පරිපාලකයින්ට එරෙහිව දූෂණ පරීක්ෂණ පැවැත්වීම

ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා වූ

“සමාගම් (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“නැගෙනහිර වෙරළබඩ තීරයේ ධීවරයින්ගේ ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1738  ට 2025 ජුනි මස 6 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks