ගරු චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ධුරයට තෝරා පත්කර ගන්නා ලදී.
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට
"සමනලගිරි සතරාංග (නාඩි) වෛද්‍ය සභාව (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2011) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)
විසර්ජන පනත් කෙටුම්පත (2011) දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"විදේශ රටවල සේවා නියුක්තිකයන්ගේ වැටුප්, වන්දි ආදිය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2011) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1855 ට 2010 නොවැම්බර් මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[
අයවැය 2011]