E   |     |  

සභාවේ කටයුතු


ගරු ටී. රංජිත් ද සොයිසා මහතාට "ජෝන් සෙනෙවිරත්න පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී:-

(i) භාණ්ඩාගාර ලේකම් (නියෝජිතයන් පත්කිරීමේ)
(ii) සූදු (විශේෂ විධිවිධාන)

දෙවැනි වර කියවීමේ දී නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදී. (පක්ෂව: 114, විරුද්ධව: 33)
(iii) ගෙවීම් පැහැර හරිනු ලැබූ බදු (විශේෂ විධිවිධාන)
(iv) ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා (ඉවත් කිරීමේ)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විරුද්ධව ඉදිරිපත් කරන ලද අපහාසාත්මක ප්‍රකාශ" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2010 නොවැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks