E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-

මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන)

ජාතික මට්ටමේ බරපතල ප්‍රතිවිපාක සහිත ත්‍රස්තවාදී හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල හෝ ජන කැළඹීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා කර ඇති තැනැත්තන්ගේ ද, ජාතික මට්ටමේ බරපතල ප්‍රතිවිපාක සහිත ස්වාභාවික ව්‍යසනයක් හෝ විපත්තියක් මරණයට හේතුව වශයෙන් සෘජුව ම ආරෝපණය කළ හැකි තැනැත්තන්ගේ ද, මරණ ලියාපදිංචි කිරීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.

පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන)

මහ නගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනත යටතේ නියමයන් හතරක්

සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1613 ට 2010 නොවැම්බර් මස 9 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks