පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 සහ 5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 දෙසැම්බර් 31 දිනැති අංක 2417/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ජනවාරි 27 දිනැති අංක 2421/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iv) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීම
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
යාපනයේ තිස්ස රජ මහා විහාරය ඉදිකිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සෞඛ්‍ය සේවා කාර්ය බලකා සංවර්ධනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1826 ට 2025 මාර්තු මස 7 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks