E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-

භාණ්ඩාගාර ලේකම් (නියෝජිතයන් පත්කිරීමේ)

යම් නීති ප්‍රඥප්තියක් මගින් පිහිටුවන ලද යම් කමිටුවක, අධිකාරියක, මණ්ඩලයක හෝ ආයතනයක සාමාජිකයකු ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා පත්කිරීමට එකී නීති ප්‍රඥප්තිය මගින් විධිවිධාන සළසා ඇති අවස්ථාවක මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ හෝ මහා භාණ්ඩාගාරයේ යම් දෙපාර්තමේන්තුවකින් පුද්ගලයන් නම් කිරීමට ද ඊට සම්බන්ධ හෝ ඊට ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැළැස්වීම සඳහා.

ගෙවීම් පැහැර හරිනු ලැබූ බදු (විශේෂ විධිවිධාන)

කාලය අනුව තීරණය කරනු ලබන ආකාරයකට ගෙවීම් පැහැර හැර ඇති බදු අයකර ගැනීම පිණිස ක්‍රමවත් සහ කඩිනම් ක්‍රියාවලියක් සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; යම් අවස්ථාවන්හි දී පැහැර හැර ඇති බදු කපා හැරීම සඳහා ද; ඊට සම්බන්ධ හා ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා.

සූදු (විශේෂ විධිවිධාන)

නව සූදු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන තැනැත්තන්ට ඔවුන්ගේ සූදු ව්‍යාපාරයක් පිහිටුවීමට හැකිවීම සඳහා ප්‍රදේශ නම් කිරීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.

ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා (ඉවත් කිරීමේ)

1996 අංක 1 දරන ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත පරිච්ඡින්න කිරීම සඳහා ද, 1996 අංක 1 දරන ශ්‍රී ලංකා රාජ්‍ය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත පරිච්ඡින්න කිරීමට ආනුෂංගිකව විධිවිධාන සැලැස්වීම පිණිස ද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා.

බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන)

1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා.

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන)

2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා.


ගරු තේනුක විදානගමගේ මහතාට "ඔලගංගල මහා සුදර්ශන පරෝපාකාරී පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණ හතරක්

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"පුද්ගලික සමාගම්වලට පවරාදුන් මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2010 ඔක්තෝබර් මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks