E   |     |  

සභාවේ කටයුතු


පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සරත් ෆොන්සේකා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2010 අගෝස්තු මස 20 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වසන්ත අලුවිහාරේ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2010 අගෝස්තු මස 19 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සිවිල් ගුවන් සේවා පනත් කෙටුම්පත

විවාදය සඳහා ගෙන ඉදිරි දිනකට කල් තබන ලදී.


"පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව" සඳහා වන යෝජනාව ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරනු ලදුව සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1545 ට 2010 ඔක්තෝබර් මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks