E   |     |  

සභාවේ කටයුතු


(i) අභාවප්‍රාප්ත ගරු පී.ඩී. වීරසිංහ ද සිල්වා මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
(ii) අභාවප්‍රාප්ත ගරු ඊ. රත්නසභාපති මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
(iii) අභාවප්‍රාප්ත ගරු වී. නවරත්නම් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ
(iv) අභාවප්‍රාප්ත ගරු එච්. චන්ද්‍රමන් ද සිල්වා මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී


පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

සිවිල් ගුවන් සේවා

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවට ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිවිල් ගුවන් සේවාව විධිමත් කිරීම, පාලනය කිරීම සහ සම්බන්ධිත කාරණා සඳහා අවශ්‍ය විධිවිධාන සැලැස්වීම, අන්තර් ජතික සිවිල් ගුවන් සේවා සම්මුතිය බලාත්මක කිරීම සහ ඊට සම්බන්ධ වූ හා ඊට ආනුෂංගික වූ කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල මැසි උවදුර" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1635 ට 2010 ඔක්තෝබර් මස 5 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks