E   |     |  

සභාවේ කටයුතු


ගරු කරු ජයසූරිය මහතා විසින් පහත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලන ලදී;

"නිල තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැස්වීමත්; තොරතුරු ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට පාදක වන කරුණු නිශ්චිතව සඳහන් කිරීමත්; තොරතුරු ලබාගැනීමේ නිදහස පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපනය කිරීමත්; තොරතුරු නිලධාරීන් පත් කිරීමත්; තොරතුරු ලබාගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය සකස් කිරීමත්; ඊට අදාළ සහ ඊට ආනුෂංගික කරුණු පිළිබඳවත් වූ පනත් කෙටුම්පතකි."

කෙසේ වෙතත්, සාකච්ඡා කිරීමෙන් පසු, ගරු කරු ජයසූරිය මහතා විසින් පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2010 සැප්තැම්බර් මස 15 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 92 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 112 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 20 ක් ප්‍රකාශ විය.


"ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව" සඳහා වන යෝජනාව ගරු පී. දයාරත්න මහතා විසින් ඉදිරිපත් කරනු ලදුව සභාව විසින් සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1920 ට 2010 සැප්තැම්බර් මස 24 වැනි සිකුරාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks