E   |     |  

සභාවේ කටයුතු


පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු (ආචාර්ය) කමල් කරුණානායක මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු යසේන්ද්‍ර බක්මීවැව මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු චම්ලි ගුණවර්ධන මහතා



පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජෝන් අමරතුංග මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2010 ජූලි මස 06 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.


ගරු සිල්වේස්ත්‍රි අලාන්ටින් මහතාට "මහේෂ්වරී පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1700 ට 2010 සැප්තැම්බර් මස 7 වැනි සිකුරාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks