E   |     |  

සභාවේ කටයුතු


පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු ඒ.ඩි.ජේ.එල්. ලියෝ මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු එස්. සිවමහරාජා මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු එඩ්මන්ඩ් විජේසූරිය මහතා



පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ජාතික සේවක අධ්‍යයන ආයතන

ගරු කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යතුමා වෙනුවට පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් ජාතික සේවක අධ්‍යයන ආයතනයක් පිහිටුවීම සඳහා ද, එම ආයතනයේ පරිපාලනය සඳහා පාලක මණ්ඩලයක් පිහිටුවීම සඳහා ද, තාක්ෂණ කමිටු පිහිටුවීම සඳහා ද, වෘත්තීය සමිති පාසලක් පිහිටුවීම සඳහා ද පර්යේෂණ පැවැත්වීම, සමීක්ෂණ පැවැත්වීම හා ශ්‍රී ලංකාවෙහි කම්කරු අධ්‍යාපනය ප්‍රවර්ධනය අරභයා පුහුණුව සැපයීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියා සුරක්ෂිතතාවය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1646 ට 2010 අගෝස්තු මස 20 වැනි සිකුරාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks