E   |     |  

සභාවේ කටයුතු


පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සරත් ෆොන්සේකා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2010 ජූලි මස 20 වැනි දින සහ 2010 අගෝස්තු මස 04 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනා දෙකක් ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතු පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:- සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව "විදේශීය වෛද්‍ය විද්‍යාල උපාධිධාරීන්: 'ඇක්ට් 16' විභාගය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1835 ට 2010 අගෝස්තු මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks