E   |     |  

සභාවේ කටයුතු


ගරු සනී රෝහන කොඩිතුවක්කු මහතාට "බලන බුද්ධ ප්‍රතිමා නිර්මාණ සංවිධානය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු නාමල් රාජපක්ෂ මහතාට "කුමාරසිරි හෙට්ටිගේ පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ගෙන විවාදය ඉදිරි දිනකට කල් තබන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ඇප ලබාදීම සහ දඬුවම් පැමිණවීම සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ රීති" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2010 අගෝස්තු මස 18 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks