E   |     |  

සභාවේ කටයුතු


"වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියකුටම සියලු මැතිවරණයන්හි දී ඡන්දදායකයකු වීම සඳහා එනයින්ම හිමිකාරත්වය ලබා දීම සහ ඡන්දය පාවිච්චි කිරීම සඳහා පහසුකම් සැපයීමේ වගකීම මැතිවරණ කොමසාරිස්වරයා හෝ එවැනි අන් බලධාරියකු වෙත පවරා දීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIV පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි."

ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව: 34, විරුද්ධව: 87) ගරු රවී කරුණානායක මහතාට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර නොදෙන ලදී.


ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට "මෛත්‍රී පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මහමාර්ග සහ දුම්රිය මාර්ග අනතුරු වැඩිවීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1858 ට 2010 අගෝස්තු මස 6 වැනි සිකුරාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks