E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

අධිකරණ සංවිධාන (සංශෝධන)

අධිකරණ අමාත්‍යතුමා වෙනුවට පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


ගරු තිස්ස අත්තනායක මහතාට "ආසියානු, ජපන්, ශ්‍රී ලංකා හා ඇමෙරිකා, ජර්මන් සමාජයීය ආර්ථික හා මානව සම්පත් සංවර්ධන ජාත්‍යන්තර පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතාට "කොටසර පියංගල රජමහා විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු ඒ. විනායගමූර්ති මහතාට "රාමක්‍රිෂ්ණ සාරදා දූත මෙහෙවර (ලංකා ශාඛාව) (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතාට "ටී. බී. ඒකනායක පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතාට "අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත
(iii) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ (ඔම්බුඩ්ස්මන්) මාසික වැටුප පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ඡන්දහිමි නාම‌ලේඛන‌ යාවත්කාලීන කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2010 අගෝස්තු මස 3 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks