E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

විසර්ජන (සංශෝධන)

පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් 2008 අංක 43 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ (සංශෝධන)

පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


ගරු නිරූපමා රාජපක්ෂ මහත්මියට "ශ්‍රී ලංකා විශ්ලේෂණ රසායනාගාර සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ජේදය යටතේ යෝජනාව (අතුරු සම්මත ගිණුම - 2010)

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා විසින් ඉහත යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන) ඉදිරිපත් කරන ලදී. කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"වී ගොවීන්ගේ ගොවිතැන් කටයුතු සඳහා මූල්‍යමය ආධාර හෝ පොලී රහිත ණය ලබාදීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. කේ. සුභසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1805 ට 2009 නොවැම්බර් මස 4 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks