E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ග්‍රාමෝදය මණ්ඩල අරමුදල (සංශෝධන)

ගරු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යතුමා විසින් 1982 අංක 28 දරන ග්‍රාමෝදය මණ්ඩල අරමුදල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


ගරු ලලිත් දිසානායක මහතාට පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී:-

1. අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
2. බලන බුද්ධ ප්‍රතිමා නිර්මාණ සංවිධානය (සංස්ථාගත කිරීමේ)



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) පරිපූරක මුදල - ශීර්ෂය 123 - වැඩසටහන 02 (නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍යාංශය)

(ii) පරිපූරක මුදල - ශීර්ෂය 105 - වැඩසටහන 02 (ජාතිය ගොඩනැගි‍මේ හා වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ අමාත්‍යාංශය)

(iii) පරිපූරක මුදල - ශීර්ෂය 166 - වැඩසටහන 02 (ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය)

(iv) පරිපූරක මුදල - ශීර්ෂය 117 - වැඩසටහන 02 (මහාමාර්ග අමාත්‍යාංශය)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"පිත්තල සහ තඹ කර්මාන්ත රැක ගැනීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එන්. ඩී. එන්. පී. ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1624 ට 2009 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks