E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සහ 42 වශයෙන් සඳහන් වන) මතු දැක්වෙන පරිදි ඉදිරිපත් කරන ලදී:-

(i) පින සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.

(ii) ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.

(iii) ශ්‍රී ලංකා සත්ව අවිහිංසා සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.

(iv) ශ්‍රී ලංකාවේ විදේශ මුස්ලිම් අධ්‍යාපන භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.

(v) ලසන්ත අලගියවන්න පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.

(vi) අල්හාජ් අබ්දූල් ජවාද් ආලිම් වලියුල්ලාහ් භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.

(vii) කොට්ටාව ශ්‍රී පුණ්‍යාභිවර්ධනාරාම විහාරස්ථාන කාර්යසාධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.

(viii) බණ්ඩාරගම වික්‍රමශිලා ධර්මායතන සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය මුදල පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1800 ට 2009 අගෝස්තු මස 19 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks