E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 10 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) පරිපූරක මුදල - ශීර්ෂය 243 - වැඩසටහන 2 (මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය)
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 249 - වැඩසටහන 1 (මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය)
(iii) පරිපූරක මුදල - ශීර්ෂය 295 - වැඩසටහන 2 (අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය)
(iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යට‍තේ නියමයන් තුනක්
(v) සුරාබදු ආඥාපනතේ (52 වැනි අධිකාරය වන) 22 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ නියමයන් තුනක්
(vi) 2004 අංක 11 දරන මුදල් පනතේ 26 වැනි වගන්තිය යටතේ නියෝගය



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත අවලංගු කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1632 ට 2009 ජුලි මස 09 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks