පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මනූෂ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) නවවැනි පාර්ලිමේන්තුවේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කාරක සභාව විසින් ජාතික සභාවට ඉදිරිපත් කරන ලද එහි පළමු අතුරු වාර්තාව, එම අනු කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සාමාජික, ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සාමාජික, ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු කබීර් හෂීම් මහතා
(ii) ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු නිපුණ රණවක මහතා - පෙත්සම් හතයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් කොටස් වෙළඳපොළ, සේවක අර්ථසාධක අරමුදල ආදියට සිදුවන බලපෑම සම්බන්ධයෙන් 2023.05.11 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අයිතම අංක (i) සිට (iii) දක්වා) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනා සම්මතය
(ii) සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය
(iii) ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1813 ට 2023 මැයි මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks