E   |     |  

2022 ඔක්තෝබර් මස 19 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 සහ 2021 වර්ෂ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා
(ii)    2021 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තා, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු කුමාරසිරි රත්නායක මහතා   
                            
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “වීමංසා ධම්මගුප්ත පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ගුණතිලක රාජපක්ෂ මහතාට අවසර දෙන ලදී.      
 
(ii)    “ශ්‍රී සීලානන්ද පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු වීරසුමන වීරසිංහ මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී:-

(i)       නොතාරිස් (සංශෝධන)
(ii)       ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන)
(iii)       ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන)
(iv)       අන්තිම කැමති පත්‍ර (සංශෝධන)
(v)       වංචා වැළැක්වීමේ (සං‍ශෝධන)

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු චමින්ද වි‍ජේසිරි මහතා
(ii)    ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2022 ඔක්තෝබර් මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks